Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  බෞද්ධ වෙන හැටි
 

බෞද්ධකම නමින් හැඳින්වෙන්නේ බුද්ධිමත්කමයි. à¶¶à·”ද්ධිමත්කම කියන්නේ සැප සිතකින් ඉන්න පුළුවන්කමයි. à·ƒà·à¶´ මතුවෙන්නේ හිතෙන්.පිටට ප්‍රකට වෙන්නේ කයෙන් හා වචනයෙන්.ඒ අනුව බෞද්ධකම කියන්නේ බුද්ධිමතාගේ හිත,කය,වචන වැඩ කරන සැපදායක ස්වරූපයයි.බෞද්ධවීමය කියන්නේ සියලුම කායික, à¶¸à·à¶±à·ƒà·’ක හැසිරීම් මේ බුද්ධිමත් සැපදායක ස්වරූපයට පත්වීමයි.

     බුද්ධිමත් ස්වරූපයක මූලිකම ලක්ෂණය අර්ථවත් බවයි.අනර්ථයෙන් තොර බවයි.අර්ථය කියන්නේ යහපකටයි.සිද්ධාර්ථ කියන්නේ යහපත්කමේ තියෙන මූලිකම ලක්‍ෂණය තමන්ට යහපතක් කරගත්තම එය අනුන්ටත් යහපතක් වෙන අතර අනුන්ට යහපතක් කළාම ඒක තමන්ටත් යහපතක් වෙන එකයි. ඒක තමාට සැබෑ   යහපතක් කරගන්න පුළුවන් වෙන්නේ තමන්ටම විතරයි.ධම්මපදයේ  à¶…ත්ත වග්ගයේ එන ‘අත්තාහි අත්තනො නාථො -කොහි නාථො පරොසියා ’ කියන පාඨයෙන් ලැබෙන්නෙත් මේ අදහසයි.

    යහපත කියන්නේ සැපයටයි.සැපය කියන්නේ හිතක තියෙන සැනසිලිදායක ස්වරුපයටයි.මේ ස්වරූපය පිටින් ලැබෙන දෙයක් නොවෙයි. à·„ිත ඇතුළෙන්ම මතුවෙන දෙයක්. à·„ිත ඇතුළෙන් මතුවෙන්නේ හිත ඇතු‍à·…à·š තිබිලයි.කිළුටු වෙච්ච සුදු රෙද්ද හෝදන කොට කිළුටු ඉවත්වෙලා සුද මතුවෙන්නා වගෙයි.ඒ හින්දා අර්ථය, à¶ºà·„පත, සැපය, à·ƒà·à¶±à·ƒà·’ල්ල යනාදි නම්වලින් හැඳින්වෙන චිත්ත ස්වරූපය අප ගාවම තියෙන දෙයක්. à¶’ත් වැහිලා තියෙන දෙයක්. à¶…පේ සැපය වැහිලා තියෙන්නෙ අපේම දුක් පීඩාවලිනුයි. ඒ දුක්පිඩා ඉවත් කළාම මතුවෙන්නේ යටපත්ටවලා තියෙන සැපයයි.

     මේ සැපය මතුකරගන්න තියෙන ප්‍රධානම බාධකය ලෝභය හා ද්වේෂය නමින් හැඳින්වෙන අනාගත බලාපොරොත්තු ස්වරූප දෙකයි.ලොභය කියන්නේ තමා කැමති දේ ලබාගන්න තියෙන බලාපොරොත්තුව. à¶¯à·Šà·€à·šà·‚ය කියන්නේ තමා අකමැති දේ අයින් කරන්න තියෙන බලාපොරොත්තුව.ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්ඛප්පවත්තන සූත්‍රයේදී අන්ත දෙකක් වශයෙන් දක්වලා තියෙන්නේ මේ බලාපොරොත්තු ස්වරූප දෙකයි.කාමසුඛල්ලිකානු යෝගය කියන අන්තයෙන් දැක්වෙන්නේ තමා කමැති (කාම) සැපය (සුඛ) අල්ලා ගැනීමට (අල්ලිකානු) යොදන (යොග්‍ය) ලෝභයයි.අත්තකිලමථානුයෝගය කියන අන්තයෙන් දැක්වෙන්න තමාට (අත්ත)පීඩා දෙන (කීල)හෙයින් තමා අකමැති දේ ඉවත් කරගැනීමට දරන වෑයම නමැති ද්වේෂයයි. බෞද්ධකම කියන්නේ  මේ අන්ත දෙකටම  නැති මධ්‍යම ප්‍රතිපදාවයි. ලෝභයන් හා ද්වේෂයෙන් තොර ජීවිත පැවැත්මයි.

     ලෝභය කියන හිතෙන් ඇදල ලබාගන්ට හදන්නෙ තමා කැමැති දේවලුයි. ද්වේෂය කියන හිතෙන් මිරිකලා තල්ලු කරගන්න හදන්නේ තමා අකමැති දේවලුයි.මේ කැමැත්තත් අකමැත්තත් සැදෙන්නේ තමාව මුල්කරගෙනයි.තමාව සනසගන්නයි. අනේකවිධ දුක්පිඩාවලට හේතු වන්නෙත් මේ විධියට තමන්ය කියාගන්නා කෙනාවම  සනසගන්න යන එකයි.ඒත් අනුන්ව සනසන්න අවදිවන මෛත්‍රීසහගත බුද්ධිමත් චිත්ත ස්වරූපය ඇතිවෙන්නේ තමන්ව කේද්‍රස්ථානය කරගන්න වූ ලෝභයත්,ද්වේෂයත් නැති අලෝභ, අද්වේෂ සිතකයි. ලෝභ, ද්වේෂ නැත්තේ සැපවත් සිතක විතරයි. à·„ිතට සැප ලැබෙන්නෙ අනුන්ට සෙත සලසන චේතනාවෙන් අවදිවෙන මෛත්‍රීසහගත චිත්ත ස්වරූපයකින් විතරයි.

     à¶¸à·š අනුව බෞද්ධකමය කියන්නේ තමන්ගේත් අනුන්ගේත් සැනසිල්ලට හේතුවෙන මෛත්‍රී සිත පැවැත්වීමයි. à¶’ හින්ද බෞද්ධ වෙනව කියන්නේ මෛත්‍රි සහගත සිතක් ඇත්තෙකු වෙනව කියන එකයි.

අග්‍රම ස්වරූපයෙන් බෞද්ධ වෙච්ච මහා පුරුෂයා සිද්ධාර්තථ ගෞතමයන් වහන්සේයි.මුල්ම මහා බෞද්ධයා බවට පත්වෙලා බෞද්ධ වෙන හැටි අපටත් කියා දුන්නේ ඒ උත්තමයයි.උන්වහන්සේගේ මුළු ජිවිතයම බෞද්ධකමේ පරමාදර්ශයක්. උන්වහන්සේගේ ජීවිතයේ හැම මොහොතක්ම à¶œà¶­à·€à·”නේ අනුන්ගේ සැනසිල්ල සඳහායි.උන්වහන්සේගේ හැම සිතුවිල්ලක්ම,වචනයක්ම ක්‍රියාවක්ම යොමු වුණේ අනුන්ගේ සැනසිල්ල සඳහායි. à¶‘හෙම කරන්ට පුළුවන් වුනේ පරම සැප සිතක් හදාගෙන බුක්ති විඳිමින් සිටි නිසයි.‘ප්‍රීති භක්කා භවිස්සාමි’ කියලා තියෙන්නේ ඒ සැප බුක්ති විදිම ගැනයි.රහතන්වහන්සේලා ‘අහො සුඛං!අහො සුඛං!’යන උදානය නැගුවේ මේ සැප නිසයි.මෙබඳු උදානයක් නගන්න පුළුවන්වෙන පරම සැනසිල්ලකට හිත පත්වෙන්නේ තමන්ටය කියන ආත්මාර්ථකාමි හිත අයින් වෙලා,අනුන්ටය කියන පරාර්ථකාමි මෛත්‍රී චිත්ත ස්වරූපය අවදිවෙන මොහොතේ සිටයි. බුදු, පසේබුදු, මහ රහත් බවට පත්වීමය කියන්නෙ හිතේ සැප මතුකරන ශක්තියයි. à·„ිතේ සැප මතුවෙලා, à¶…ලුතෙන් මතුවෙන්න තරම් අමුතු සැපක් නැති තත්ත්වයකට හිත පත් වූණාම බුද්ධ නැමති පරම බුද්ධිමත් බව උදාවෙනවා.ඒ පරමෝත්තම හිත පත්වෙච්ච ලොවුතුරා බුදුවරයෙක්ම පරමාදර්ශයට අරගෙන,ඒ අනුව තමන්ගේ හිතෙන් සැප හැදෙන බුද්ධිමත් ක්‍රියාවලියකට ලක්වීම බෞද්ධවීම වශයෙන් හඳුන්වන්න පුළුවන්.ඒ හින්දා බෞද්ධය කියන්නේ තමන් තුළ සැප හද හදා ඉන්න ගමන් අනුන්ටත් සැප සලසන කෙනයි. තමන් තුල සැප හදාගත්ත බුද්ධිමතාගෙන් අනුන්ටත් ලැබෙන්නේ  සැපක්මයි.

උපුටාගැනිම : ï»¿à¶…පවත්වී වදාල කෝට්ටේ ශ්‍රී දේවානන්ද ගුරු දේවයාණන් වහන්සේ විසින් රචනා කරන ලද  ලිපි ආශ්‍රයෙනි - ශ්‍රී කළ්‍යණධර්ම පෙරමුණ, 417, බෞද්‍ධාලෝක මාවත, කොළඹ 07 

 

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011