Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  සම්ඵප්‍රලාපය වේරමණී
 

සම්ඵප්‍රලාපය හිස් වචන කියල යි ලෙහෙසියෙන් පෙන්වලා තිබෙන්නේ. හිස් වචන නම් ඒකේ ශබ්දයක් තිබෙන්ට බැහැ. අර්ථයක් තිබෙන්ට බැහැ.  එ වැනි හිස් වචන කියලා වර්ගයක් තිබෙන්නේ කොහෙ ද කියලා දන්නේ නැහැ. මොනවා හරි ලැබෙන වචනයක් එ තැන තිබෙන්නේ. එක්කො කුසල පක්‍ෂයෙන් අයිතියක්. නැතිනම් අකුසල පක්‍ෂයෙන් අයිතියක්. ඒ වචන හිස් නැහැ. සම්ඵප්‍රලාපය කිවේ තමාගේ හැඟීම් ලෝකයාට ඉදිරිපත් කිරීම සදහා කොහොම හරි කථා කිරීම යි. ඒ වෙලාවේ ඇති වුණු හැගීම් අනුන්ට දිලා ආශ්වාදයක් බලාපොරොත්තුවෙන් කොහොම හරි කථා කිරීම යි සම්ඵප්‍රලාප යි. එවිට යි එය අර්ථ ශූන්‍ය බවට හිස් බවට පත් වෙන්නේ. ජීවිතයේ අපි බලාපොරොත්තුවෙන අර්ථය ක් තිබෙනවා.දුකක් නො ලැබීම යි අපගේ අර්ථය. සම්ඵප්‍රලාපයේ දී දෙතිස් කථාවක් ගැන කථා නො කර බම්මන්නා වගේ ඉන්ටයි වෙන්නේ. අද කථා කරන්ට තිබෙන්නෙත් ඒවා යි. සමාජයක ජිවත් වෙන විට ඒවායේ අකටයුතු කම් ගැන කථා කරන්ට වෙනවා. ඔය කථා තිස් දෙ බුදු හාමුදුරුවෝ එපා කිවා නොවෙයි. ඔය කථාවල් සිතට එන විට ප්‍රලාපවලට වැටෙන්ට එපා. තමාට අනර්ථයක්  නො වෙන්ට  කථා කරන්ට වග බලා ගත යුතුයි.  මොන  එකක්වත් කථා නො කර ඉන්ට බුදු හාමුදුරුවෝ  කියලා නැහැ. ඒක හරි හැටි කරන ක්‍රමය  බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්නා. උන් වහන්සේ කරන්ට එපා කිවා නම් පරාජය වෙනවා. එපා කිවාට කීදෙනාද නො කර ඉන්නේ? ඒ නිසා , උන් වහන්සේ පරාජිත තත්ත්‍වයට පත් වුනේ නැහැ.     

උපුටාගැනිම :  බුදුදහමේ අධ්‍යාත්මය (මහ සතිපට්ඨාන සුත්‍රය)  තෙවෙනි මුද්‍රණය 2008 මැයි, 27වැනි පරිච්ඡේදය, à¶´à·’ටු අංක 344,345.




 
  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011