Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  පිසුණාවාචා වේරමණී
 

 ï»¿ à¶´à·’සුණු බසක් කියලා කියන්නේ කෙනෙකු තවත් කෙනෙකුට අප්‍රිය වෙන විධියට කථා කිරිමයි. දැන් ඕකට කේලාම් කියලත් කියනවා. අහවලා ඔයා ගැන මෙහෙම කිවාකියන කොට වෙන්නේ ඒ පුද්ගලයා කෙරෙහි මේ අහපු පුද්ගලයාගේ සිත දුෂණය විම යි. කෙනෙකුගේ අප්‍රසන්න බවට හේතු වෙන අයුරින් කිවොත් හෝ වර්‍ණා කළ හොත් ඒ තැනත් පිසුණා වාචාව තිබෙනවා. ඔයා දන්නවා ද එයාට අහවල් අසනිපය තිබෙනවා නේකියලා කිව්වම අරයා කෙරෙහි යමෙකු බිඳවන අදහසෙහි තිබෙන්නේ දුක්ඛ චේතනාව යි. මෛත්‍රි ස්වරුපය එ තැන නැහැ. ඒ මෛත්‍රී සිත යි කියන්නේ අව්‍යාපාද සංකල්පය යි. තමන්ගේ සිත රත්වෙලා නැහැ.

 à¶»à¶­à·Š නො වුණු හිතකින් රත් වුණු වැඩ කරන්ට බැහැ. තව කෙනෙකුගේ ජිවිතයට අකුල් හෙලන හැඟීමක් දෙන්ට කොතරම් දුෂ්ට අදහසක් තිබෙන්ට ඕන ද? අපි උදාහරණයට ගනිමු ජූජක බමුණා හඳුන්වලා තිබෙන හැටි. අවුරුදු කෝටි ගණනකට කලින් සිදු වුණු වැඩක්. අදත් ඒ මිනිහා ගැන අපට අප්‍රිය යි. එයාව නිරූපණය කරලා තිබෙන්නේ කකුලේ බරවා. ඒකේ වණයක්.නැහැය දිග යි. ඇඟ රැලි වැටිලා. නොයෙක් ඒවා. මෙහෙම වර්‍ණා කළේ මොක ද?

 à·€à·™à·ƒà·Šà·ƒà¶±à·Šà¶­à¶» රජුගේ දරුවන් අරන් ගිය කේන්තියට, හිටියා නම් ගහනවා ඒ මිනිහාට. අහන මිනිහා ජුජක බමුණා කෙරෙහි තරහ වෙන එකයි වෙන්නේ. බ්‍රාහ්මණයෙක් ආවා දරුවන් ඉල්ලානෙ. වෙස්සන්තර රජු වංක ගිරියට එන විට මාලිගයේදී දරුවන් දන්දීලා (අත්හැරලා) ආව නිසා, ඒ දරුවන් කැමැති නම් අරන් ගියාට කමක් නැහැ කියලා කීවාආදි වශයෙන් විස්තර කළා නම් අර බ්‍රාහ්මණයා කෙරෙහි අප්‍රියක් ඇති වෙන්නේ නැහැ. නමුත් එහෙම ලියුව නම්, ඒක ලේඛන කලාවට ගැලැපෙන්නේ නැහැ. ඒ නිසා අසන අයගේ හදවත් හදවත් කම්පා වෙන විදියට ලියන්ට ලේඛකයා සමත් වුණා. අපි මේ කථා කරන්නේ ශුද්ධ සිතක් හැදෙන වේලාවේදී හිතේ ඇති වෙන තත්ත්‍වය පෙන්වන්ට යි. අපි ඒවා කරන්ට එපා ය කියන්නේ නැහැ. එපා ය කිවත් ඒවා නො කර ඉන්නේ නැහැ. අර මෛත්‍රී සිත සකස් වුණු පුද්ගලයාට කිසි කෙනෙකු පහත්, කරන, රිදවන, අදහස් සිතට එන්නේ නැහැ. ඒක පිසුණාවාචා වේරමණී.

උපුටාගැනිම : බුදුදහමේ අධ්‍යාත්මය (මහ සතිපට්ඨාන සුත්‍රය) තෙවෙනි මුද්‍රණය 2008 මැයි, 27වැනි පරිච්ඡේදය, පිටු අංක 336, 337.

 

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011