Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  මුසාවාද වේරමණී
 

 ï»¿à·ƒà¶­à·Š‍ය නො වෙන ප්‍රකාශයක් කිරීම. කලින් අපි දරුවා සම්බන්‍ධ කරලා කළ කථාවේ මේ කත්‍ය නොවන ප්‍රකාශ කිරීම නිසයි, අපට අවුරුදු ගණනක් දුක් විදිමට සිදු වුණේ. යම් කිසි විධියකින් යම් අවස්ථාවක දරුවා අපට කරදර දෙයි කියලා සිතුවා නම්, එ තැන වාග් විඤ්ඤත්තිය හැදිලා. ඒක මෙයාගේ හිතේ හැදුනු බොරුවක්. හිතන කොට ම වාග් විඤ්ඤත්තිය හැදිලා. ශබ්ද කරලා පිටට ඇහෙන්න කිව්වත්, නො කිව්වත් වචනය එ තැන සකස් වෙලා. පුතා ලොකු වෙන කොට අපට හොඳට සළකයි. ඒකත් බොරුවක්. අපට එහෙම කිසිවක් තිරණය කරන්ට බැහැ.අත්හැරපු එක්කනාට බොරු අදහසක් හිතට එන්නේ නැහැ. අපි නම් උදේ සිට රෑ වෙන තුරුම මුළු දවසේ ම බොරු යි කියන්නේ. අරයා මගේ හිතවතා ය කියනව. කොහොම ද දන්නේ හිතවතා ද කියලාඇහුවොත් නැ ඉතින් මං දන්නවාකියයි. නමුත්, ඒක සම්පුර්‍ණ බොරුවක්. හිතවතයි කීවේ සම්පූර්‍ණ බලාපොරොත්තුවක් තිබෙන නිසයි. බලාපොරොත්තුවක් නැත්නම් එයා මා අඳුනනවා. එච්චර යි. එයැයි ඒක දන්නේ. එයා හිතවතා කිවොත් බොරුවක්. එ වැනි වචන සමාජයේ ජීවත් විම සඳහා සමාජය විසින් හදපු ඒවා යි. ඒ නිසා, අපිත් සමාජයක සිටින නිසා, එ සේ ප්‍රකාශ කරන්ට අපට සිද්ධ වෙලා තිබෙනවා. හිතෙන් පිළිතුරු දෙනවා නම් එයා දන්නවා හිතවත් ද නැද්ද කියලා.

 à¶¶à·à·„ිර වශයෙන් තමන්ගේ සම්බන්‍ධ කමක් තියාගෙන කතා කරන විට ඇත්තක් කියවෙන්නේ නැහැ. බොරුවක්ම යි කියවෙන්නේ. නො වෙන දෙයක් වෙනව යි කියල යි හිතන්නේ. හොඳ යි අපි කියමු දරුවෝ දෙමව්පියනට සලකන අය කියලා. ඒ අය සත්පුරුෂ දරුවෝ. මේ දරුවන් දෙමව්පියන්ට ඒ සංග්‍රහ කිරීමේදී තමා හිතපු විධියට ද ඔවුන් සංග්‍රහ කරන්නේ? නැත්නම් ඔවුන්ට පුළුවන් විධියට ද තමා හිතන විධියට සංග්‍රහ ලැබෙන්නේ නැහැ. තමාගේ අපේක්‍ෂාවේ ප්‍රතිඵලය සම්පූර්‍ණ කරන්ට ඒ අයට පුළුවන් කමක්නැහැ. යම් කිසි සංග්‍රහයක් එහෙන් ලැබෙනවා නම් ඒක අතිරේක උදව්වක් වශයෙනුයි සලකන්ට වෙන්නේ. අපි බොරුවක් මත යි ලෝකය අල්ලාගෙන තිබෙන්නේ. ඇත්ත දැම්ම හැටියේබොරුව කඩලා යනවා. නැවත ඒ බැම්ම ගහන්ට බැහැ. ඒක හොඳට ම බුරුල්වෙලා යනවා. ඒක නිසා, ඇත්ත ඕනෑ යි කීවා. මේ ඇත්ත තමයි සම්මා වාචාවෙන් පෙන්නුවේ.

උපුටාගැනිම : බුදුදහමේ අධ්‍යාත්මය (මහ සතිපට්ඨාන සුත්‍රය) තෙවෙනි මුද්‍රණය 2008 මැයි, 27වැනි පරිච්ඡේදය, පිටු අංක 335,336.

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011