Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  කාමෙසු මිච්ඡාචාර වේරමණි
 

කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම යනුවෙන් පෙන්නලා තිබෙන්නේ. බොහොම පහසු විධියට යි තෝරලා තියෙන්නේ. එක ස්වාමි පුරුෂයෙක් හෝ භාර්යාවක් හෝ හැර අන් අය නො සෙවීම යන්න යි මෙයින් අදහස් කරන්නේ. ඔය අදහසින් පෙන්වන්නේ, ඒ විතර යි වැරදි කියන එක යි. නියම අර්ථය නම් කාමයෙන් වැරදි විධියට පරිහරණය කරන්නේ නැහැ කියන එක යි. කැමැත්ත හරි විධියට යි පරිහරණය කරන්ට ඕන. මම කැමැති දරුවට උගන්වන්ට යි. මම කැමැති එයාගේ අභිවෘද්ධයට යි. ඒ සඳහා මම දහස් ගණන් වියදම් කළා. එයාගේ සුවය සැනසිල්ල බලන්ට මම කැමැති යි. මම කැමති යි ලෝක ධාතුවේ කවුරුත් සැනසිල්ලේ ඉන්නවා දකින්ට. ඒක බුදු හාමුදුරුවන්ගේ සිතේ තිබුණු චිත්ත ලක්ෂණයක ඡායාවක්. මම මේ පුතෙක් අල්ලගෙන කරන්නේ ඒ බුදු හාමුදුරුවන්ගේ ක්‍රියාවේ ඡායාවක් - එක්තරා අංශුවක් අරගෙන මේ පුතාට මා ඒක යොදවන එකයි මට අවශ්‍ය. එයාගෙන් කිසිවක් මට අවශ්‍ය නැහැ. කාමයේ වරදවා හැසිරිමෙන් වැළකිම ඔන්න ඔතෙන්ට යි එන්ට ඕන.

 à¶¸à·š කාමේසු මිච්ඡාචාරයේදී අපි ගනිමු රහත් වෙන තැන. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අචිජ්ජා කියන පහක් එතන තියෙනවා. එ තැනත් කාමය වැරදි විදියට පරිහරණය කරල යි රහත්විම ප්‍රමාද වෙන්නේ. මෙ තැනදී රුප්පනය පෙනෙනවා. මේ රුප්පනයට- නිතර - නිතර වෙනස් විමට -සැපය වෙනස් විමට ඒ තැනැත්තාගේ කැමැත්තක් තියෙනවා. ඒක ඒ දෙස බලාගෙන විදින එකක්. මගේ පරමාර්ථය කැමැත්ත අස්කරලා දුකෙන් මිදෙන්ට යි. වෙනස් විමේ සැපයට එයා කැමැති නිසා එ තැනත් වැරැද්දක් තියෙනවා. ඒ නිසා යි රූප රාග එන්නේ. කාමේසු මිච්ඡාචාරය ඔය තරම් දුරට විහිදෙනවා. එ තැනට ගිහිල්ලත් අපි විපරම් කරන්ට ඕන මූල ධර්මය වූ කාමය ගැන.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය ( මහා සතිපට්ඨාන සූත්‍රය ) තෙවැනි මුද්‍රණය 2008 මැයි 29 වන පරිච්ඡෙදය, පිටු අංක 360, 361

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011