Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  අදින්නාදානා වේරමණී
 

තමා සතු නැති තමන්ට හිමිකම් කියන්ට බැරි යමක් අයිතියට ගැනීම සඳහා දරන්නා වූ උත්සාහය අදින්නාදාන යි. එනම්, නුදුන් දෙය ගැනිම යි. උපරිම මට්ටමේ ශ්‍රේෂ්ඨ තත්ත්‍වයට මිනිස් සිත පත් වෙන විට කඩදාසි කැබැල්ලක් බිම තිබුනත් ඒ තැනැත්තා ගෙදර අයගෙන් අහන්නේ නැති à·€ ඒක ගන්නේ නැහැ. ගත්තොත් ඒක වැරදි ක්‍රියාවක්. ඒක දුන් දෙයක් නොවෙන නිසා. අන්තිම පොඩි දෙයට පවා මේ අදහස දම-දමා බලන්න ඕනෑ. නො ගැනිමේ අදහස යොදන්ට ඕනෑ. පාණාතිපාතයෙන් ගත්ත චිත්ත මට්ටම අදින්නාදානයෙනුත් ආවා ද කියලා බලන්ට යි මේ පරික්‍ෂණය කරන්නේ. අපේක්‍ෂාව ආපු හැටියේ ඒක ප්‍රමාණයේ හැටියට රිදෙනවා. ඒක ඉටුවෙන තුරුනො ඉවසුම් කමක් - රිදෙන ගතියක් තිබෙනවා. අපට දිවා රෑ දෙකෙහි ම ලබන අදහස මතු වෙනවා. සෑම තැනක දී ම ලබන අදහස කපා හරින හැටි බුදු හාමුදුරුවෝ පෙන්වලා තිබෙන්නේ. මේක කරන හැටි කියන අතර ඒවායින් බේරෙන හැටිත් කියනවා. ඒවායේ බැඳී පවතින ස්වරූපය කඩන්ට එ තැනට මැද්දට හරස් කැල්ලක් දමන්ට ඕනෑ. ඉඩ ලැබුනොත්, අවස්ථාව ලැබුනොත්, පුළුවන් වුණොත්, මා ඒක ලබනවා. නා නා හේතු නිසා ඒකට ඉඩ නො ලැබෙන්ට පුළු‍වනි. ඒ සියල්ලට ම මා යටත් වෙලා ලැබෙන අවස්ථාවට මා ගන්නවා. එ විට සැර අඩු වෙනවා.

අන් සතු දෙයක් ගන්ට යන විට ඒ ගන්ට යන දෙය කඩදාසි කෑල්ලක් වෙන්ට පුළුවනි. නමුත්, ඒ චේතනාව ආපු හැටියේ ලෝභයෙන් පෙළන ගතිය සන්තානයේ ඇති වෙනවා. අපට ඕනෑ හොරකම් නො කර ඉන්ට නොවෙයි. නුදුන් දෙය නො ගෙන ඉන්ට යි. පෙළෙන්නේ නැති à·€ ගන්ට පුළුවන් නම් හොඳයි. නමුත්, මේවා කරන්ට බැහැ‍ පෙළෙන්නේ නැති à·€. ඒක ප්‍රත්‍යක්‍ෂයෙන් දැන වදාළ කරුණක්. ඒක අපට ප්‍රත්‍යක්‍à·‚ වෙන කරුණක් . පෙළීමෙන් මිදෙන්ට ඕනෑ. මිනිහා මේවා නවත්වන්ට ඕනෑ මතු කරන තැන්වල දි යි. කඩදාසි කෑල්ලක් තියෙනවා දැකලා, ඒක ගන්ට ඕනෑ කියලා හිතලා, ඒක ගැනිමේදී හිතට ඇති වූ වරද දැකපු හැටියේ අහන්නේ නැති à·€ ගන්නේ නැහැ. ගන්ට ලැබුනොත් ගන්නවා. නො ලැබුනොත් නිකම් ඉන්නවා. ඒක ගත්ත වගේ වෙයි හිත රත්වෙන එක. සිත පාලනය කර ගෙන යි කොයි දේ කරන්ටත් ඕනෑ. එ සේ සිතපු හැටියේ ගන්ට ඕනෑයි කියන සිතට හරස් කැල්ලක් වැටෙනවා. එතකොට සිත රත් ‍‍‍‍වෙන්නේ නැහැ.

උපුටාගැනිම : බුදු දහමේ අධ්‍යාත්මය (මහා සතිපට්ඨාන සූත්‍රය ) තෙවෙනි මුද්‍රණය 2008 මැයි, 28 වැනි පරිච්ඡේදය, පිටු අංක 356, 357

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011