Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  පාණාතිපාතා වේරමණි
 

පැවැත්ම රදවන ශක්තියට කියනවා ප්‍රාණ කියලා. ජීව බලය අපට එක්තරා ප්‍රමාණයක සෞම්‍ය මට්ටමකින් ලැබිලා තියෙනවා. සෞම්‍ය à·€ ජීවත් විමේ සෞම්‍ය මට්ටමක් අපට තිබෙනවා. ඌෂ්ණත්ව ප්‍රමාණය යි ඒ. ඒ ඌෂ්ණත්ව ය යි මෙ තැන අධිපතිකම් කරන්නේ. ඕනෑ තැනක පැවැත්ම රැදවීමට උදවු කරන්නේ ඌෂ්ණත්වය යි. ක්‍රියාව සකස් කරන්නේ ඌෂ්ණත්වයේ බලපෑම උඩ යි. ඒ උෂ්ණත්වයේ සෞම්‍ය මට්ටම කුමක් ද ? එම සෞම්‍ය මට්ටම නම් අපට ආශ්වාස- ප්‍රශ්වාස දැනෙන මට්ටම යි. ඒ සිත විතර යි සෞම්‍ය ඒ අවස්ථාවේ දී තිබෙන සෞම්‍ය උෂ්ණත්වය පමණ යි ජීවිතයේ පැවැත්මට වුවමනා කරණ ඌෂ්ණත්වය වෙන්නේ. එකී ආශ්වාස­ -ප්‍රශ්වාස පිළිබඳ ‍සෞම්‍ය උෂ්ණත්වය අල්ලා ගෙන වැඩ කරන්ට යි අපි හැම නිමිත්තකදී ම පුරුදු වන්නේ. ඒ පුරුදුවීමටයි සමාධිය කියලා කියන්නේ. ඒ චිත්ත මට්ටමට සිතේ ඌෂ්ණත්වය බැස්සොත් ඒ ඌෂ්ණත්වයෙන් සිත රත් නොවන මට්ටමට පත් වෙනවා. සිත රත් කරණ දෙයක් සිතන්නේ නැති මට්ටමට පත් වෙනවා ඒ සෞම්‍ය මට්ටමේ ඌෂ්ණත්වය ටිකත් හෝ පැනලා යමක් සිතුණොත් ඒක ප්‍රාණ වධය යි. වැඩි ප්‍රමාණයට ඌෂ්ණත්වය එන්නේ කොහොම ද? ලබන කැමැත්තක් - ගැටෙන ස්වරූපයක් - ආවොත් අන්න පත්වුණා වැඩි ඌෂ්ණත්වයට. ලොභයට වඩා ද්වේෂය අතිපාත යි. ඒ කියන්නේ වැඩි ම ප්‍රමාණයට පත් වෙනවා. එ විට රිදුමක් ඇතිවෙනවා. එතකොට එයා විදවනවා. විදවන විට නො ඉවසුම් කමක් එනවා. ඔය තත්ත්‍වය උදාකරන අයිතිවාසිකමට -සංවිධානයට කීවා පාණාතිපාත කියලා. එසේ නම් සතෙක් මරන එක මොකක් ද?

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය ( මහා සතිපට්ඨන සූත්‍රය ) වෙන මුද්‍රණය 2008 මැයි , 12 වන පරිච්ඡෙදය, පිටු අංක 351, 352.

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011