Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  බ්‍රහ්ම ලෝකය
 

බ්‍රහ්ම ලෝකය කියලා කීවේ තමා විසින් පාලනය කරගත්ත හොඳ පැත්තට ගමන් කරපු සිත ලෝබ, දෝස, මෝහ අයින් වෙලා අලෝබ, අදෝස, අමෝහවලින් යුත්ත සිතටයි. බ්‍රහ්ම යන තත්ත්‍වයට හිත පත්වෙන්නේ කොහොම ද ? ඒ සිතුවිල්ල ස්ථාවරභාවට ශක්තිමත් වුනාම ඒකට කියනවා ධ්‍යාන සිත කියලා. සමාධිය තමයි ධ්‍යානයට හැරෙන්නේ. පාලනය කරගත්ත ඒ සමාධි සිතවෙනත් මොනම හේතුවකින්වත් බිඳ හෙලන්නේ නැති මට්ටමට පත් වුනාම ඒකයි බ්‍රහ්ම හිත. ඒ හිතේ පාලනය ශක්තිමත්. බ්‍රහ්ම ලෝක ගණනාවක් පෙන්නලා තියෙන්නේ මොකට ද? ඒ එක් එක්තරා තරාතිරම්වලින් සිතේ ශක්තිය වර්ධන වූ හැටි යි ඒ. ශුද්ධාවාස වශයෙන් පෙන්නන ඒකේ පෙන්වනවා මොනම ලෙසකින්වත් ඒ බ්‍රහ්මත්‍වයට පත් වුනු කෙනා ගේ සිත වෙනස් වෙන්නෙ නෑ කියලා. නිවන් දකිනතුරුම එයා එතැන ඉන්නවා. සිතේ පාලනය ස්ථාවර තත්ත්‍වයකට පත් කරගෙන යාම් ඊම්, ඉඳුම් හිටුම්, කෑම් බීම්, ආදී හැම ඉරියවුවකදී ම පාලනය වූ සිත ඒ තත්ත්‍වයෙන් ම පවතිනවා නම් ඒ කට කියන්නේ බ්‍රහ්ම හිත කියලා ඒකම තමයි ධ්‍යාන සිත කියන්නේ.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, දෙවන පරිච්ඡේදය පිටු අංක 14

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011