Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  මනුස්ස ලෝකය
 

මිනිස් සිත ඕනෑම තාලයකට පෙරළන්ට පුළුවන්. ඒ සිත මිනිස්, නිරය, තිරියන්, දේව, බ්‍රහ්ම යන මේ සෑම එකකටම පෙරෙළෙන්න පුළුවනි. ඒ නිසා සංකීර්ණ පුළුවන්කාර කමකුයි මිනිස්කමට ලැබිලා තියෙන්නේ. ඕනෑම ආයුධයක් තියෙනවා වැඩ දන්නවා නම්, අපට වෙලා තියෙන්නේ කවුරුත් දන්නේ එක වැඩයි. අත්‍යාවශ්‍ය වැඩ ටික දන්නේ නැහැ. අපි දන්නේ නිරය, ප්‍රේත, තිරිසන් පැත්තට වුවමනා කරන සිතිවිලි හදන ආයුධ ගැන විතරයි. නමුත් දේව, බ්‍රහ්ම, අරිය ආදී මේ ඔක්කොම හදන ආයුධත් අපේ පෙට්ටියේ තියෙනවා. මනුස්ස කියලා හඳුන්වන්නේ හැම මිම්මක් ම තියෙනවා කියන එකයි.මේ දේශනාවලින් අප පෙන්නුවා මෙතෙක් පාවිච්චි නො කරපු ආයුධ ගැන. මේ ආයුධ අල්ලන්නේ මෙහෙමයි. මේකයි ඒකේ තත්ත්‍වය. මේක පාවිච්චි කරන්නේ මෙහෙමයි. කියා ඒවා පාවිච්චි කරන එකේ ශක්තිය තමයි දැන් නිතර නිතර මෙහෙ ඇවිත් අළුතින් මොන මොනවා හරි අසා දැන ගන්නේ. එතකොට දැන් නිරය, තිරිසන්. ප්‍රේත ආදී තත්ත්‍වවලින් සිත මුදවා ඊට වඩා සැනසෙන තත්ත්‍වයන්ට හිත පත්කරන ගතිය තමයි මනුස්ස කියන අයිතිවාසිකමේ තියෙන්නේ.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, දෙවන පරිච්ඡේදය පිටු අංක 13

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011