Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  ප්‍රේත ලෝකය
 

ප්‍රේත ලෝකය කිව්වම අපට ඒ අය හඳුනන්නට බැරි නිසා කළුවට කළුවේ ඉරටු වගේ පාද, ඉරටු වගේ අත්, මහත බඩක්, ඇස් ගිල්වලා, තිබෙන රූපයක් ඇදලා පෙන්නනවා. මෙන්න ප්‍රේතයන් කියලා. අපි හිතනවා අපිත් ප්‍රේත ලෝකයට ගියොත් උපදින්නේ ඔය විධියට යි කියා. ඒක හිතාගෙන අප වරදෙන් බේරෙනවා. ඒක ලොකු දෙයක්. එහෙම අයිතිවාසිකම්-එහෙම ආත්ම නැතෙයි කියනවා නොවෙයි මේ. මේ කියන්නේ එ වැනි විරූපි ස්වරූපයක් එක්ක ජීවිත සම්බන්ධ කරන තත්ත්‍වයන් අද අපේ ජිවිතය තුළින් පෙන්වන බවයි. ඒ ස්වරූපය අපේ සිත් තුල ඇබ්බැහි වුනොත් ඒ හැඩේ කෙසේ වෙතත් ඒ දුක්ඛිත අයිතිවාසිකමේ නිරන්තර අයිතියක් ලැබෙන බවයි ඒ පරලොව ගැන කියන කථාවෙන් පෙන්නන්නේ. ප්‍රේත ලෝකය කිවේ මොකක් ද ? යම් යම් අවස්ථාවලදී හිත පෙරෙළෙනවා ඕනෑකම සපුරාගන්න බැරි තත්ත්‍වයකට. ඕනකමේ එල්ලී පවතිනවා. නැතිකමෙන් පෙළෙනවා. නැතිකමයි පෙළීමයි දෙකක්. නැතිකම් බොහොම තියෙන්ට පුළුවෙනි. ඊට අතිරේකව හටගත්ත තත්ත්‍වයක් තමයි ඒ නිසා පෙළීමට පත්වීම. ඒ පෙළීම නිසයි දුකට පත්වෙන්නේ. නැතිකම කියන්නේ මට ඒක නෑ ඒ නැති එක මට ඕනෑ. නැතිව බැහැ. ඒනිසා මට කිසි සැපක් නෑ යන්නයි. නැතිව බෑ කියන්නේ ඒකයි. පෙළෙනවා කියන්නේ සැප නැතිව පීඩා දෙන අවස්ථාව. කිසිම කෙනෙකුට නැතිකමක් නැති වෙන්නේ නැහැ. තියෙන එක ඇතියි කියලා හිතනවානම් ලැබච්ච එක, ලැබිච්චි ප්‍රමාණය, තියෙන අයිතිවාසිකම, ආදියෙන් එයා සැනසුනා නම් එයාට කිසිම නැති කමක් නැහැ. ලැබිච්ච දේ තියෙනවා. එයා ඒකෙන් සැනසෙනවා. එතකොට එයා ප්‍රේත තත්ත්‍වයට වැටෙන් නෑ.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, දෙවන පරිච්ඡේදය පිටු අංක 11,12

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011