Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  නිරය
 

අපි ගනිමු නිරය කියන පෙර‍ළිය ගැන. තමන්ගේ යම්කිසි තත්ත්‍වයක් හෝ මොකක් හෝ නැතිවෙන තත්ත්‍වයෙන් වෙනත් කෙනෙකු අරියාදුවක් කරපුවා ම එයා ගැන හිතෙන හිතෙන, මතක තියෙන තාක් කල් තමාගේ හිත ගිනියම් වෙවී යන එක යි ඔය නිරය කියන ස්වරූපය. අප නිරය කියන්නේ මරණයට පසුව ලැ‍බෙන එක්තරා අයිතියක් කියලයි. අපේ සිතුවිලි වැටිලා තියෙන්නේ ඒ අයුරෙනුයි. අපේ ජීවි‍තය එක්ක සම්බන්‍ධ වෙන ස්වරූප අල්ලපුවම අපට පේනවා මෙන්න දැන් හිත නිරයේ තත්ත්‍වයට ඇවිල්ලා බව. නො නැවතී ගිණිගනිමින් තිබෙන තැනක් හැටියට යි අප නිරය සලකන්නේ. අවීචිය එයිනුත් භයානක තත්ත්‍වයෙන් ගින්න පවතින තැනක්. අප හිතාගෙන ඉන්නේ එතනට නම් අප යන්නෙ ම නෑ කියලයි. නමුත් මේ ලෝකයේ දීම අපේ හිත පෙරළෙන එක්තරා මට්ටමක් තමයි ඔය නිරය කියලා පෙන්නුවේ. දැන් මේ කරුණු වලින් අපි උත්සාහ කරන්නේ මරණින් මත්තේ ලැබිය හැකි ඒ නිරය තත්ත්‍වයෙන් බේරීමටයි. නැහැ. ඒ පෙන්වන්නේ ඒ අයිතිය ලැබීමට සුදුස්සාවීම සඳහා මේ ලෝකේ මේ ආත්මේදී අපේ සිත පෙරළෙන හැටි දැනගන්ටයි. නිරන්තරයෙන්ම හිත දාහයක පවතින තත්ත්‍වයක් හමු වුණොත් එයා ගේ හිතේ පෙරළිය නිරය ලෝක කියලයි හඳුන්වන්නේ. නිරන්තරයෙන් සිතේ වෛරය පවතිනවානම් ඒ වෛර ස්වරූපය සංසි‍ඳෙන තුරු එයා දව දවා නිරන්තර පිච්චෙන ස්වරුපයට යි නිරය කීව්වේ.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, දෙවන පරිච්ඡේදය පිටු අංක 10

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011