Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  ලෝකය
 

ලෝකය කියලා අපි අරන් තියෙන්නේ බෝලයක්. සැරියුත් හාමුදුරුවෝ ලෝක ශබ්දය බෙදනවා. නිරය, ප්‍රේත, තිරිසන්, කියලා ලෝක තුනයි. මනුස්ස, දේව, බ්‍රහ්ම, කියලා ලෝක තුනයි. ස්කන්ධ, ධාතු, ආයතන, කියලා තවත් ලෝක තුනයි, මෙලොව පරලොව කියලා තවත් ලෝක දෙකයි. මෙ තැන සියල්ල ලෝක එකොළහයි.ලෝක කියලා කියන්නේ සතුන් ජීවත් වෙන ලෝක නොවෙයි. ලෝක කියන්නේ පෙරළියකට කියන නමක් පෙරළිය තමයි ලෝක. මේ අජිත බුදු හාමුදුරුවන්ගෙන් අහන්නේ මේ මිනිස් සිතක ඇති වෙන මේ පෙරළි මෙපමණ ගණනක් තිබෙනවා. මොහුට තේරුම් ගිහින් තියෙනවා මේ සියළු කරදර තියෙන්නේ මේ පෙරළිවල බව. එකකින් එකකට මාරුවීම කියලා ඒ කට කියන්නේ. වෙනස් වීම නිසයි මේ දුක. මේ පීඩාව, මේ පෙරළිය වැසුණේ මොකකින් ද කියලා ඇහුවේ ලෝකය ගැන - පෙරළිය දැනගන්ටයි.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, 2 වන පරිච්ඡේදය පිටු අංක 9,10


ලෝකය යනු පෙරළිය යි. හැම වෙලාවෙ ම සිත එක එක ආකාරවලට පෙරලෙනවා මිසක එක ම ආකාරයක තිබෙන සිතක් නැහැ. එක ම සිමාවේ එක එක විධියට සිත වැඩ කරන්නේ, පෙරළෙන පෙරළෙන අවස්ථාවල දකින නිමිති අනුව ගත හොත් ඒ හැම පෙරළියක් ම ලෝකය යි.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය ( මහා සතිපට්ඨාන සුත්‍රය) තෙවෙනි මුද්‍රණය 2008 මැයි, 4 වැනි පරිච්ජේදය, පිටු අංක 30

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011